නෙත අඳුනක පැහැ නොදැනෙන සිත ගොලු වීලා
දෝ
දෙසවන අම බිඳු වැහුනද ලය තෙත නැති වී
දෝ
සුසුමන් නොදැනිම හෙලුනද හදවත නැවතී දෝ
වදන් නොබින මුව තනිවම මුනිවත රකිමින්
දෝ.....
මැලවුන සිතුවිලි පන්හිඳ තුඩඟින් වියැකේ
දෝ
හද නලියන දිය දහරා නෙත තෙමමින් යා දෝ
සිරින් පිරී බරිත හදේ හිස් වූ තැන කොහි
දෝ
පාලුව හුරු වූ දෙනෙතට තව කඳුලැලි මොට
දෝ.....
මතක අතර සිරවුණු ලොව පාලුව ලියලා දෝ
මුව හසරැලි තුළ සැඟවුන දුක් හද වැළපේ
දෝ
බොල් පොළොවට අමාවකේ අඳුරත් හුරු වී දෝ
දෑඟිලි තුඩ පන්හිඳ සිතුවිලි යළි පණ ලා
දෝ.....
No comments:
Post a Comment