සියොලඟ පුරා සැඟවුන මිණි දියෙන් නිතී
සුදු පෙණ රුවා පෙම් හැඟුමන් සිතේ වෙතී
ඇවිදින් වැල්ල සිඹ යන රැල්ලක්ය
නිතී.....
ගෙනැවිත් කිරි කවඩි ලූවත් වැල්ල පුරා
දොවා ගතම ගිල්ලූවත් සිසිල පුරා
රැල්ලක් පෙමින් වෙලුනද මුදු වැල්ල කරා
ඇවිදින් දුවයි නෑ එක් වනු සසර
පුරා.....
වැල්ලට රැල්ල ළන් වන විට සෑම දින
නෙක රූ රටා මැවේවි අප නෙතේ කොන
ලෝ දහමට නතුව ගෙවෙනා සෑම දින
රැළි පිට රැළි නැගේ වැල්ලක සෙනෙහෙ
ගෙන.....
No comments:
Post a Comment