Tuesday, April 5, 2016

අාදර බැල්මකින් අප සිත් සනසන්න

සෙනෙහස් කැදැල්ලෙහි දැල්වූ පහන ලෙසින්
මොලකැටි සිනා නහවා ලොව කිරි සුවදින්
මුලු දිවි පුරා ඉසුරින් පිරි මැණික ලෙසින්
උකුළට  අාව දා මතකයි අද විලසින්...........

වැටෙනා විටදි අැවිදින්නට දිරි දුන්නූ
කුස රස වඩන්නට ලොව හා නිති ගැටුනූ
ගත සිත සවිය නෑ දැන් වෙවුලුම් රැදුනූ
දෑතට නුඹේ සෙනෙහස අයදියි දැනුදූ...............

නොදකින නුඹේ රුව වසරක් ගෙවී යන
මේ මොහොතෙවත් නෙත් අපගේ සරසන්න
අම්මේ තාත්තේ යයි නුඔ පවසන්න
ඒ අැති සිතේ සතුටින් නෙත් පියවෙන්න...........

වියපත් ගතට තව දිරි නෑ ලතවෙන්න
අද හෙට ළඟයි මරණය ළ පරදින්න
හිස අතගා අප තුරුලට අරගන්න
මොහොතක් අැවිත් දෑසට පෙනිලා යන්න............



No comments:

Post a Comment

තත්පරෙන් තත්පරය.....  දිවි විල් තෙර කැකුලු මව් කුස සේද මැදින් පෙති හැර ලොවට පුන් කුසුමකි අද මෙලෙසින් දින දින පැහැය සුවඳ...