රැස් හිමි කොහිද සැගවී මහ සිදුගෙ කුස
හිනැහෙන කලාබර සරසයි අහස් කුස
සැගවෙන එබෙන තරුපති දැක උදුල් සස
භූපති උලිදු වේ සරසන නබෝ හිස.....
සස් පෑ කැවුනු රැස් මාලා මිහිඹ බටී
රූ ඇති පට විහිද පියුමක් ලොවට බටී
මදු මී විත සොයා වවුලන් රුකෙන් බටී
මිහිරෙන් සපිරි අමොදකි මිණි සේ ම
වටී.....
රන් මිණි රජත පිරි යල මෙය වේ රජනී
පරයයි වත කෙහෙබු සියොලග රූ රැජිනී
මිහිකත නම් රැදුනු මෝ සැනසෙයි සැපෙනී
No comments:
Post a Comment