Tuesday, April 5, 2016

වැව් ඉස්මත්තේ සිට......


භූ මව් පැළඳි තණ නිල්ලක නිති දැවටී
අවිදින් පැනින් බර වැව් තල නෙතක ගැටී
දිය පිට නැගි නෙලුමක් සිත තදින් ගැටී
ආසයි නෙළා ගන්නට එය සිත දැවටී......


නැගි ඔරු බඳක සිත සිරවී දිව යනවා
දිය බිඳු පසෙක ලා නෙලුමන් වෙත යනවා
මා රුව වැව් දියේ බිතු සිතුවම් වෙනවා
දෝතට කැඳවු මල් බුදු පුද වෙත යනවා.....

රුක් හිස හැලෙන මල් වැස්සෙන් නැහැවෙන්න
සුදු කොක් රැන අතරින් දුවගෙන යන්න
වැව් දිය වැළඳ හසරැල්ලෙන් නැහැවෙන්න
ආසයි මටත් වැව් දියෙ නෙලුමක් වෙන්න.....


No comments:

Post a Comment

තත්පරෙන් තත්පරය.....  දිවි විල් තෙර කැකුලු මව් කුස සේද මැදින් පෙති හැර ලොවට පුන් කුසුමකි අද මෙලෙසින් දින දින පැහැය සුවඳ...