Tuesday, December 13, 2016

සිහිනෙන් අවදිව.....



ඔබේ මුදු කැලුම් රශ්මි පැහයකින් නැහවිලා
සඳේ ඔබට නෙතු කැලුම් නෙලුමකින් ළං වෙලා
ඔබේ කසුන් කැන් ඇගේ සියොලඟම තැවරිලා
නෙතින් ගෙනෙන ඇරයුමක සිතුම් රැළිද හැංගිලා.....

සියොත් නදින් මුහුලු රැය උළෙලකම සිරි මවා
කැලතෙනා පැන් මතින් සිසිල් පවනක් මවා
පිපි කමල ගොතන පෙම් වදනකින් සිරි මවා
කලාපති හිනැහුනිද උදුල් සිතුවමක් මවා.....

සැනින් වළා කුමරියගෙ සලු පටින්  මැවු  සොබා
දැක සඳේ සැඟවුනිද අමාවක මෙහි තබා
පබා කැන් පතා සදා සැඟවෙන්න සිත තබා
පුන් දෙනෙතු යළි වසමි සිහිනයට ඉඩ තබා.....


No comments:

Post a Comment

තත්පරෙන් තත්පරය.....  දිවි විල් තෙර කැකුලු මව් කුස සේද මැදින් පෙති හැර ලොවට පුන් කුසුමකි අද මෙලෙසින් දින දින පැහැය සුවඳ...