අඩ අඳුරක පියැවෙන නිල් නුවන් අග
පුන් කුසුමක පැහැ ගත් මුදු නුවන් යුග
මැවෙනා කැළඹෙනා වියැකෙන සිතුම් ළඟ
ගෙතෙනා වදන් වැල් සරසන පවන් මග.....
පුන් සඳ කැලුම් ගිලුණද කලු වළා යට
සිතැඟිය සැඟවුණිද දහවල ලොවක යට
සිතුමින් බරිත නුවණට හද සිසිල වට
මැවුනයි හදක සිතුමන් පාමින් කවට.....
මුව අග සිනා කැන් ගලනා හොරෙන් වගේ
හද ගෙත්තමක් ඇස අග ඉතිරෙනා මගේ
අඳුරේ මැවෙන කිමදෝ මේ සිහින අගේ
හෙට ලොව එබෙන රිවි මේ තතු නොදැන
වගේ.....
No comments:
Post a Comment