Tuesday, April 5, 2016

ඔබ රුව පාමුල....



ඔබේ පාමුල පුදන මල් පෙති පණ පොවන දිය බිඳක් නම්
ඔබේ රුව නෙත ගෙනෙන පහනේ රැඳුනු එක් තෙල් බිඳක් නම්
දසත සුවඳින් කවා දැවෙනා දුමාරයකින් බිඳක් නම්
සදා එලෙසම රැඳෙන්නම් නිති වැටී පුදසුන කොනක මම්........

නෙලු ඔබේ රුව හොවා කාලැති ගලක පින්බර රුවකි දැන්
නිසල දෙනෙතින් වැහෙන කරුණා ගුණැති බෙල සවි කිමද දැන්
අමා මිහිරැති දහම් වදනක් වැහෙන සවණක් රැසින් දැන්
මෙවන් දසුනක් මැවූ දෑතක් පින්බරය මා දෙනෙත් දැන්.........

සොඳුරු ලොවකට යලිත් ඔබ බණ හඬක් මුසු නල හමයි නම්
නෙතින් නෙතකට මුවින් මුවකට කුලුණු ගුණ නිති හැඟේ නම්
පහන් සිතුවිලි අතර රැඳි සිත සුපහනින් නිති පිරේ නම්
නිමක් නැති පින්වතුන් වෙමු අපි බුදු බණින් ලොව පිරේ නම්........



No comments:

Post a Comment

තත්පරෙන් තත්පරය.....  දිවි විල් තෙර කැකුලු මව් කුස සේද මැදින් පෙති හැර ලොවට පුන් කුසුමකි අද මෙලෙසින් දින දින පැහැය සුවඳ...