Tuesday, April 5, 2016

වස්සාන කුමරියේ

ගුවනත සිඹින තුරු කෝළෙන් රඟන විට
උමතුව විදුලි දම් ගගනත රැඳෙන විට
කාල වළා සිසිල් පවනෙ සරන විට
දැනුනා ළඳේ ඔබ ආ බව දුරක  සිට.....

මේඝ වළා සලු වැසි ගත රුවින් පිරෙන්නා
මුදු කෙහෙ රැළි ගතේ වැදී කෝළ කරන්නා
මටත් හොරා ආල බැලුම් නෙතඟ පිරෙන්නා
භූ මව් සිඹි කුමරිය නුඹ මගේ සිතෙන්නා......

සීත ගතෙන් වැළඳ මෙමා ආල පාමිනා
දෑත ගෙලේ හොවා මසිත හැඟුම් පාමිනා
ඔබ ගත මා වත සිප මුව කැලුම් පාමිනා
ඉන්නම් ඇසි පිය නොසෙලා ඔබ රුව පෙමිනා......

සීත ඉමේ උණුසුම හද තුළ නිති රන්දා
මා නෙත් ඔබ නෙත් අබියස නිති පෙම් බැන්දා
ඉන්නම් මතු යළි ඔබ එන දින සිත රන්දා
කුමරිය ඔබ වස්සානය නම් සිරි කැන්දා.....


 

No comments:

Post a Comment

තත්පරෙන් තත්පරය.....  දිවි විල් තෙර කැකුලු මව් කුස සේද මැදින් පෙති හැර ලොවට පුන් කුසුමකි අද මෙලෙසින් දින දින පැහැය සුවඳ...