සර සර හඩින්
බැදිදේ කොළ අතු සද්දේ
සිලි සිලි නදින් උණ ගස් තාලෙට පැද්දේ
රන්වන් කරල් බර වූ කෙත සිරි මැද්දේ
රන් සක පැහැර හිරු සැඟවී
භූ මැද්දේ.........
උකුළේ කළය තාලෙට එහෙ
මෙහෙ පැද්දේ
වරලස මැවේ රූ ගලනා දොළ පහරේ
දෙතොලේ සිනා ළඟ
නා දලු රුව පැරදේ
අැගෙ නෙත් පහස වැද මුලු ගම කිරි
ඉතිරේ............
අැගෙ දෝතට එන්න
ජල බිදු තරඟ කරයි
අැගෙ උකුළත සරන කළයේ දිය බේරෙයි
අැගෙ පා පහස ලද දොළ උමතුවෙන් වගෙයි
අෑතට නොයා සිය බිඳු
අැගෙ ලඟ දැවටෙයි..........
රන්වන් ළඳකි
අැය දුටු තැන මල් නොවෙතී
මිණි පහනක් බඳුය
අැය හිරු රැස් නොවටී
දුටුවෙමි සොදින් අැය ගම සරසවන සැටී
සත්තයි දෙව් ලොවේ දෙවඟන
පරදවතී..............
No comments:
Post a Comment