Tuesday, April 5, 2016

අදුරැති ලොවක තනිවී............


අඳුරැති පොළෝ ගැබ තුළ ගෙවෙනා මොහොතේ
සිහිවී සිනා වත ගෙත්තම් වී මසිතේ
විගසින් නුඹ වෙතට එන්නට නිතර සිතේ
බැඳි බැම් පොළෝ තල නුඹ මා අතර වෙතේ.............


දිය බිඳු වැකෙන පා ඟිලි වෙව්ලුම් කනවා
මඩ පෑ වැකුණු ගත දා බිඳු නලියනවා
මරණය පසෙක සිට ඉඳ හිට හිනැහෙනවා
අහරක් යදින කුස නිතරම වැළපෙනවා........

අද හෙට යන්න වෙයිදෝ මට ලොව දාලා
වැළලී පසට මිනිරන් පතලකට වෙලා
මගෙ නෙත් තුළින් ගැලු කඳුලැලි ගඟක් වෙලා
මා නැති දිනට නුඹෙ නෙතඟත් සිටී බලා...........


No comments:

Post a Comment

තත්පරෙන් තත්පරය.....  දිවි විල් තෙර කැකුලු මව් කුස සේද මැදින් පෙති හැර ලොවට පුන් කුසුමකි අද මෙලෙසින් දින දින පැහැය සුවඳ...