නහවා දසත සිසිලැති මද නල සමඟින්
දුරු කර රජත පෑයූ සඳවතිය ලෙසින්
පෑබර රුසිරු ලලනා දුටු ලොවම
තුටින්.....
පෑයෙන් කසාවත් මල් බර ගතක් දරා
ඇය දුටු මලකි පැන රුක් හිස පොළෝ කරා
කෙහෙරැළි අතර සැඟවී ආලයක් දරා
සුවඳින් දොවා ඈ ගත සිත පැහැය අරා.....
දෙපතුල් සිඹින ගිලිහෙන මල් පෙති කෝළයි
දිය රැළි අතර මසු කැන් තරඟෙට පීනයි
සඳ කැන් රනින් පිළි හැඳි දිය බිඳු
කෝළයි
ඈ නෙතු කැලුම් වැද දෝ ලොව
සිරියාවයි.....
ගත වෙළි සිහිල් නල කෙහෙරැළි තාල තබා
මුවඟින් වැහෙන හසකැන් හද මවන ප්‍රබා
අඳුරේ පහන් සිල දැල්වූ ලෙසකි ප්‍රබා
රන්මිණි බරණ කිම දුටු ලිය ලෙසින්
පබා.....
No comments:
Post a Comment