වෙව්ලුම් රැදුන රුළි වූ දෑගිලි තුඩක
ගැබ් වී සියලු දිවියේ සවි එක තැනක
ගත රැදි බරක් පටවා මා හිස කොනක
සවි දෙමි රැගෙන දුර යන්නට සිට
කොනක...............
මැලවී බොඳව
ගිය දසුනක් රැදි දෑසින්
හදුනමි ගලා හැලෙනා දුක තෙමි කදුලින්
සිඔිනා දෙපතුලට වාරුව නැති පොළවෙන්
මා එමි දිවිය දෙන්නට නුඔ හා විරියෙන්.............
වක් වූ ගතත් අම්මේ මට කිරි සුවඳයි
වෙවුලන දෑත පියතුම මට තව සවියයි
මිලිනව බොඳව
යන නෙත් කරුණා උතුරයි
ඔබ ගත රැගෙන යමි මා ගත මත සත්තයි............
No comments:
Post a Comment