වෑහෙන තෙද බලය පෙන්වා රජ සමය
පොබයන මිණි කිරුලු සේ පෙන්වා සවිය
නෙත පින් කඳුලු උතුරා තුට වඩයි ලය
සිඔිනෙමි නෙතින් හැර තිර පුලතිසි පුරය..............
රන්කෙත් පබලු කිරි වෙහෙරෙහි රැස් දහරා
විද හද මඩල දිව යයි පාපයන් මරා
පින්බර ගල් වෙහෙර නෙත සිත සරන තුරා
නළියයි ගතේ රුධිරය අභිමනක් දරා..........
පැරකුම් සයුර දියවර සේ සයුරු ගැබ
සත්බුමුපාය සේ ධාරය විසල් නුබ
අගනා මැදුරු උයනින් සිත උපන් ලොබ
නිවමින් ලෙළෙන පිළිරෑ පැරකුම්ය ඔබ.............
නිති බුදු රැසින් වෙළෙනා සෝමාවති චේතී
වටදාගෙයක සිරි ගත් ගල් කණුද වෙතී
දුටුවිට නැතේ හැඟුමන් සපිරුණත් සතී
මෙපුරේ අසිරි සිරි කිසිදා නිමක් නැතී.............
No comments:
Post a Comment