තරු මල් කෝළ හඟුමන් පෑ හඳපානේ
පියමැන සෙමින් හද තනිකම දැනුනානේ
හසරැල් වතින් මුව වදනින් පාපු සෙනේ
සිහිවී නෙතඟ කඳුලැල් නිති
රැඳුනානේ.....
ගෙවෙනා මොහොත පාසා මේ දිවි අරනේ
ඇවිදින් නුඹත් බැඳි මිතුදම් හද දෙරණේ
කෝ අද සැවොම නෑ පාලුව නොනිමි සෙනේ
ඇවිදින් යන්න වී රෑ සිත ආ සිහිනේ.....
නැතිමුත් නෙතු පියන් යට ඔබ නිරන්තරේ
නැතිමුත් කවට බස් මිතුදම් නිරන්තරේ
හැරදා මගේ දිවියෙන් සමුගත් මෙවරේ
ඔබ සැම සිරව අත මා හද නිරන්තරේ.....
සරසවි ඉමේ මතකය සිත හඬවනවා
ඔබ යලි ඇවිත් ඒ කඳුලැලි පිසලනවා
යළි ඔබ වෙත එන්න මගෙ සිත ඉල්ලනවා
හිනැහී මමත් නෙත කඳුලැලි සඟවනවා.....
No comments:
Post a Comment