සැඟවෙන එබෙන සසලැති නිසසල හදක
සැතපෙන පිබිද හිනැහෙන සිතුවිලි වැලක
පන්හිඳ පත් වැළඳ සිටියද පෙම් ලොවක
යළි හැර පතක් පන්හිඳ තනිවූ ලොවක.....
මා හද ගැබේ බුන් නුබ සිඹි සිතුම් වැල
දෑඟිලි මතින් නූපන් කව කිමද ඵල
ගෙත්තම් වෙලා හද සිත් රූ දියෙහි විල
යන්නට වරම් නැත බොඳ වී ලෙසින් මළ......
අඳුරැති වළා සඳවත ඇමතූ රිසියෙන්
නෙතඟින් කැලුම් පෑ උදුලැති තරු රිසියෙන්
වදනින් ගෙතෙන කවකට පන්හිඳ රිසියෙන්
එනමුදු නොගෙතෙනා කවියකි සිත රිසියෙන්.....
No comments:
Post a Comment