කවුරුද මුමුණනා පද වැල් සවන කැවී
අභියෙස කසුප් අබිසෙස් ලද ළඳ සිහිවී
රුව සිත්තමින් උමතුය පබැඳෙනා
කවී.......
නිලුපුල් පරදනා දිගු නෙත් කොනින් බලා
සියුමලි දෙතොල් අග කෝළැති මුකුලු බලා
සඳවත සිහිනිඟට පද කැටපතෙහි වෙලා
කිම පට නොවැසු සියොලඟ සැම නෙතෙහි
වෙලා....
කාලැති සුළඟෙ ළෙලෙනා කෙහෙ රැළි පේළී
දෑඟිලි සියුමෙ රැඳි මල් පෙති සිතෙහි
ඇලී
සුන්දර වතේ කිම හස කැන් නොමැති වෙලී
සැඟවී සුසුම් හෙලුවාදෝ දුකක වෙලී.....
No comments:
Post a Comment