පාගිලි රිදුම් කැවෙනා තුරු තව උස් වී
එන මග දෑස ගැටෙනට කවුලුවෙ එල්ලී
කොමලැති වදන් දෙඩුමට ඔබ තවත් නැතී
දොඩමින් එද මග බැලු පැටි අදක
නැතී........
දවසින් දවස ගත සිත වැඩුනෙන් සවිව
සිත ඔබ ලග දමා ගතකින් මා දුරව
දින සති ගණන් ඔබ නෑ දෑසට ළන්ව
දැන් සිව් නෙතක් මග බලනව මා
නැතිව........
එක ගුවනක ඉර හදකින් දෙතැන සිට
නිති සිත විමසුවා මා ගැන එවක සිට
අද ආ විටක තුරුලට මා දුරක සිට
සැම නෙත් විහිදුවයි තුටු පිරි සිනා
කැට........
දිවි මන් තැනූ තිලකය ඔබ පියාණෙනි
දිවි හැඩ කැවූ මව් තුම ඔබ වේ ලලනී
අප තුට පිරුනු විමනට දැල් වූ සෙ මිණී
ඔබ ලොව එලිය මා දෝ හසකැන් ලෙසිනී......
No comments:
Post a Comment