නුබ
නෙත් කොනින් වෑහුණ තෙත් කඳුළු බිදූ
සෙබමන්
නසා මොහොතක දුක් කඳුළු කදූ
පොරවා
මේඝ සලු පිළි ගත මහා සිදූ
කිම
පැරදුනේ මහ වැස්සට විසල් කදූ .......
හරිතෙන්
ලෙළෙන සලු පට සියොලඟම වසා
කුසුමන්
රුවින් බිගු ගී පද සතර දිසා
අද
කෝ අැස් පියන් සනසනු එවන් රසා
සඟවා සියලු තතු භූ මව් කුසක වසා........
මහ
පව් සිදී සඟවා දිවි එක බිමක
සැනෙකින්
විසුනු විය සුවදැති පෙති මලක
බොර
පෑ කැවුණු සිත් හඬනා විට මෙලෙක
දිලුනා
උණු කඳුළු බිදු අැස් පිය කොනක........
මුව
පිරි ළපටි හස කැන් මතුවෙයි පොළවෙන්
අාලැති
මුකුලු පෙම් බස් වැගිරෙයි පොළවෙන්
නැහැවී
පොළෝ මව් පිය සෙනෙහසේ කිරෙන්
වැළපෙනු
අැසේ රැව් දී මහ පොළෝ ගැබෙන්.......
ළය
උණුසුම යදින දරු මව් පතනු අැතී
සෙනෙහස
සිතේ රැව් දී හද පෙළනු අැතී
වාවනු
බැරි නෙතින් ගැලු දිය සෙනෙහෙ අැතී
මහ
වරුසා දියත් පරදා ගලනු අැතී............
සිඔිමින්
ගුවන් ගැබ අාලය සිත රන්දා
සිටි
මහ පව්ව කොහිදැයි නැත නෙත රන්දා
නැගෙනා
විලාපය සිත රිදවන හින්දා
සැනෙකින්
සුන්ව මිහිදන් කර දුක් වින්දා.......
මිහිදන්
පොළෝ තල තුළ සිත් සිය ගණනක්
මුමුණන
දුක කැවූ පබැදුනු දුක් ගීයක්
විකසිත
කුසුම් මුකුලිත කළ අදුරු දිනක්
සැනෙකින්
නිසල වූ සසලැති දිනක රුවක්.........
හැකිනම්
බිඳක් යළි එදවස වෙත යන්න
එදිරිව වදින්නට රණ වැසි දුරලන්න
දඟලන කඳුලු කොපුලත් නහවා එන්න
හැකිවනු
අැතිය මේ දුක් කළ සඟවන්න........
මතු
මේ දුක් නොවැකෙන්නට සවන් මත
මතු
මේ විපත් නොඅැදෙන්නට දෙනෙත් මත
කදුලින් බැදි සොහොන් බිම මතකයන් මත
වෙවුලන
සුසම් මතු සැමදා අැසෙනු අැත...........
No comments:
Post a Comment