Tuesday, April 5, 2016

අම්මේ නුඹ ළඟ ඉන්නව නම්................



සියෙල වෙලෙමින් දොඩන රන මම අද තනියම බව දන්නව නම්
නිදි යහනට වී කාටත් නොදොඩා කදුලු සලන බව දන්නව නම්
නුඹ මුව සිනහව නිති රදවන්නට සවන කදුලැලි  පෙනෙනව නම්
දැන්ම දුව අැවිත් තුරුලට ගෙන මා සනසන බව නිති දන්නව මම්...........

තනිකම දොඩනා අදුරු ලොවක දැන් තනියම කාලය ගෙවනව මම්
ලොවට පෙනෙන්නට හිනැහෙන මුත් හද හිමි කදුලැල් නම් වෙන්නෑ නිම්
දුකක් කියන්නට කව්රුත් නෑ මට  අම්මේ නුඹ ළ ඉන්නව නම්
ගොවම දිනූ සේ සිත සරනා තුට සැම මොහොතකදිම සොයනව මම්............

නුඹට පෙනෙන්නට හිනැහී ඉන්නේ හන්න බැරි සිතකින් වේ නම්
දරා මෙදුක ඔබ වෙත දුව න්නෙමි මොහොතක් ඉවසා ඉන්නම් මම්
ඔබ වෙනුවෙන් සුර ලොවක් මවන්නට සිහිනෙන් සිතුවිලි මවනව මම්
දුරක වුණත් මම සිත ඔබ ළ අමතක වී අැවිදින් කොහෙදෝ මම්............



No comments:

Post a Comment

තත්පරෙන් තත්පරය.....  දිවි විල් තෙර කැකුලු මව් කුස සේද මැදින් පෙති හැර ලොවට පුන් කුසුමකි අද මෙලෙසින් දින දින පැහැය සුවඳ...